ඔන්න කාලෙකට පස්සේ ආයෙත් ඉස්කෝලේ කාලේ කතාවක් ලියන්න හිතුනා.
හැබැයි මේක නම් ටිකක් වැඩිහිටියන්ට පමණයි කැටගරියේ කතාවක්.
හැබැයි මේක නම් ටිකක් වැඩිහිටියන්ට පමණයි කැටගරියේ කතාවක්.
දැන් එහෙම කිව්වට ඉතින් මේක උනේ නම් අපි ඕලෙවල් කරන කාලේ.
මේකේ ලියලා දාපු කතා කියවලා සමහරු නම් දැනටමත් දන්නවා,
6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් අපි ඉස්කෝලේ හොස්ටල් එකේ තමා නැවතිලා හිටියේ.
6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් අපි ඉස්කෝලේ හොස්ටල් එකේ තමා නැවතිලා හිටියේ.
හොස්ටල් එකේ කතා ගැන මළලසේකර ශබ්දකෝෂයට වඩා තඩි පොතක් ලියතෑකි.
ඒ තරම් කතා තියෙනවා...!
ඉතින් අද කතාව ස්මාට්ෆෝන්,අයිපෑඩ් අනන් මනන් නැතිකාලේ ඉන්ටර්නෙට් කැෆේ එකක් ආශ්‍රිතව සිද්ධ උන කතාවක්.
දැන් මෙහෙම උනාට ඉස්සර නම් කොම්පියුටරේ කියන්නේ අපිට හෙණ අමුතුම මෙව්වා එකක්නේ.
අවංකවම කියනවනම් මම කොම්පියුටර් එක කියන අමුතු අයිටම් එකේ මුළකුරු කියෙව්වේ ඉන්ටර්නෙට් කැෆේ වලට පිංසිද්ධ වෙන්ඩ.
මොකෝ ඉස්කෝලේ IT කියලා විෂයක් තිබ්බත් අපි ඉස්කෝලේ යනකාලේ ඒක ඉතින් නිකන් අකුරු දෙකේ සබ්ජෙක්ට් එකක් විතරමද මන්දා?
ඒකට ගිහින් ඉගෙනගත්ත ලබ්බක් නෑ,
ගියත් අර කාඩ් ගේම් එක ගහන එක තමා කලේ.
ඒකට ගිහින් ඉගෙනගත්ත ලබ්බක් නෑ,
ගියත් අර කාඩ් ගේම් එක ගහන එක තමා කලේ.
ඒකත් කරන්න බැරිනම් මවුස් එකේ අස්සේ තියෙන රබර් බෝලේ එළියට අරන් මිරික මිරික ඉන්නවා.
ඒ බෝලේ නම් මරු නේ?
මිරිකනවා කිව්වට ඒකත් ගල් ගෙඩියක් වගේනේ.
මිරිකනවා කිව්වට ඒකත් ගල් ගෙඩියක් වගේනේ.
ඉතින් ඔය විදියට ඉස්කෝලෙන් ලබාගන්න බැරි උන,
මූලික පරිගණක අධ්‍යාපනය ලබන්න කැෆේ ගිය ගමනකදි වෙච්ච දෙයක් තමා මේ ලියන්නේ.
කලින් ලියපු කතාවල වගේ මේ කතාවෙත් කතා නායකයෙක් ඉන්නවා.
මූලික පරිගණක අධ්‍යාපනය ලබන්න කැෆේ ගිය ගමනකදි වෙච්ච දෙයක් තමා මේ ලියන්නේ.
කලින් ලියපු කතාවල වගේ මේ කතාවෙත් කතා නායකයෙක් ඉන්නවා.
පරා,ගමයා ගැන ලියපු කතා ඔයගොල්ලෝ කියෙව්වනේ.
අද කතාවේ කතානායකයට අපි කියමු 'ගොනා' කියලා.
ඌට ගොනා කිව්වේ ඌ මෝඩ නිසා නම් නෙවේ.
වෙන හේතුවක් නිසා.
ඒ හේතුව අහන්න එපා කියන්නේ නෑ.
සමස්තයක් වශයෙන් ගත්තම ගොනා කියන්නේ එළ කිරි කොල්ලෙක්.
වෙන හේතුවක් නිසා.
ඒ හේතුව අහන්න එපා කියන්නේ නෑ.
සමස්තයක් වශයෙන් ගත්තම ගොනා කියන්නේ එළ කිරි කොල්ලෙක්.
ඒ කාලේ හොස්ටල් එකේ 11 වසරේ හිටපු හැමෝටම කැෆේ පාට්නර් කෙනෙක් හිටියා.
මගේ කැෆේ පාට්නර් උනේ ගොනා.
මොකාද මේ කැෆේ පාට්නර් කියන්නේ?
මොකාද මේ කැෆේ පාට්නර් කියන්නේ?
කල්පනා කරලා බලන්ඩ,
හොස්ටල් එකේ ඉන්න අපි කොහොමද නීත්‍යානුකූලව ඉන්ටර්නෙට් කැෆේ යන්නේ?
හොස්ටල් එකේ ඉන්න අපි කොහොමද නීත්‍යානුකූලව ඉන්ටර්නෙට් කැෆේ යන්නේ?
වෝඩ්න්ලගේ අවසරයක් නැතුව අපිට එළියට යන්න තහනම් යකෝ!
තනියෙන් එළියට ගිහිල්ලා අහුවෙලා ගුටිකනවට වඩා දෙන්නෙක් එක්ක එළියට ගිහින් අහුවෙලා ගුටි කන එක සුවපහසු නිසාත්,
කැෆේ එකට පැයකට දෙන්න ඕන රුපියල් 50 දෙකට බෙදාගන්න පුළුවන් නිසාත්,
කැෆේ එකට පැයකට දෙන්න ඕන රුපියල් 50 දෙකට බෙදාගන්න පුළුවන් නිසාත්,
අනිවාර්‍යයෙන්ම කැෆේ යන හැමෝටම පාට්නර් කෙනෙක් හිටියා.
ඔන්න ඉතින් මේ සිද්ධිය උන දවසේ අපි ඉස්කෝලේ ඇරිලා හොස්ටල් එකට ආවා.
මතක විදියට එදා සඳුදාවක්.
ඉස්කෝලෙ ඉඳලා එන අතරමඟදිම මායි ගොනායි විද්වත් කතිකාවක් කර කර තමා ආවේ හවසට කරන්න තියෙන අපේ මහඟු වැඩසටහන පිළිබඳව.
සති අන්තේ ගෙදර ගිහින් ආපු නිසා අපි දෙන්නම අතේ යහමින් සල්ලිත් තිබ්බා.
යහමින් කිව්වේ සතියටම දෙන රුපියල් 200 තමා.
ඒකෙනුත් 50ක් ඒ වෙනකොටත් ඉවරවෙලා තිබ්බේ.
අපි හොස්ටල් එකට ඇවිල්ලා ඇඳුම් එහෙම මාරු කරලා ටිකක් පාරේ බැහැලා යන්න පුළුවන් විදියේ ඇඳුම් එහෙම ඇඳගෙන දවල්ට කන්න ආවා.
ඒකෙනුත් 50ක් ඒ වෙනකොටත් ඉවරවෙලා තිබ්බේ.
අපි හොස්ටල් එකට ඇවිල්ලා ඇඳුම් එහෙම මාරු කරලා ටිකක් පාරේ බැහැලා යන්න පුළුවන් විදියේ ඇඳුම් එහෙම ඇඳගෙන දවල්ට කන්න ආවා.
අම්මෝ අපේ ආසම කෑම තිබ්බේ එදා.
දෙල් උයලා,මාළු බැදලා,සෝයාමීට් මිරිසට ම්ම්ම්ම්ම්...
සසම සසයි!
දෙල් උයලා,මාළු බැදලා,සෝයාමීට් මිරිසට ම්ම්ම්ම්ම්...
සසම සසයි!
ඉතින් ඕකත් අපි ඉක්මනට ඉක්මනට කෑවා.
ඉක්මනට කනවා කිව්වට ගොනාට ඒ සරීරය මේන්ටේන් කරන්න අවැසි තරමට කන්න ඕන නිසා ටිකක් වෙලාත් ගියා.
ඉක්මනට කනවා කිව්වට ගොනාට ඒ සරීරය මේන්ටේන් කරන්න අවැසි තරමට කන්න ඕන නිසා ටිකක් වෙලාත් ගියා.
කාලා ඉවරවෙලා අපි හෙමින් හෙමින් සික්කා නැති වෙලාව බලලා ප්‍රයිමරි සෙක්ශන් එක පැත්තේ ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා මහපාර පැත්තට යන්න පටන් ගත්තා.
ඒ කාලේ අපේ කට්ටිය අතරේ ජනප්‍රිය කැෆේ ස්පොට් දෙකක් තිබ්බා.
එකක් පුංචි බොරැල්ලේ.
අනික මරදානේ.
මේ සිද්ධිය උන දවසේ මායි ගොනායි ගියේ මරදානේ කැෆේ එකට.
පුංචි බොරැල්ලේ කැෆේ එකේ අපිට ඔබින අධ්‍යාපනයට සුදුසු වාතාවරණයක් තිබ්බේ නැති එක තමා මේකට ප්‍රධාන හේතුව උනේ.
එකක් පුංචි බොරැල්ලේ.
අනික මරදානේ.
මේ සිද්ධිය උන දවසේ මායි ගොනායි ගියේ මරදානේ කැෆේ එකට.
පුංචි බොරැල්ලේ කැෆේ එකේ අපිට ඔබින අධ්‍යාපනයට සුදුසු වාතාවරණයක් තිබ්බේ නැති එක තමා මේකට ප්‍රධාන හේතුව උනේ.
අපේ ඉස්කෝලේ ගාව ඉඳලා මරදානට යන්න ලේසිම පාර තමයි ආනන්දේ ගාවින් තිබ්බ ආනන්ද කුමාරස්වාමි මාවතේ යන එක.
කුප්පියාවත්ත පන්සල එහෙම තියෙන්නෙත් ඒ පාරට ලඟපාතින්ම තමා.
කුප්පියාවත්ත පන්සල එහෙම තියෙන්නෙත් ඒ පාරට ලඟපාතින්ම තමා.
ඉතින් අපි හෙමින් හෙමින් කයිය ගහ ගහ ඕකේ ඇවිදගෙන යනවා.
මමනම් ඒ වෙනකොටත් තව විනාඩි ගානකට පස්සේ ආරම්භ වෙන අපේ වැඩසටහන ගැන අමන්දානන්දයට පත්වෙලා, ගත සලිතවෙලා එහෙම හිටියේ
මම කියෝනවා කියෝනවා, හැබැයි ගොනා හෙණ සයිලන්ට් අද.
ඌ වෙනදට මටත් වැඩිය කියෝන එකා
හෙණම අමුතුයි.
කොහොමෙන් කොහොමෙන් හරි මරදානටත් ආවා කියමුකෝ!
ඌ වෙනදට මටත් වැඩිය කියෝන එකා
හෙණම අමුතුයි.
කොහොමෙන් කොහොමෙන් හරි මරදානටත් ආවා කියමුකෝ!
ගොනාගේ ස්වරූපය එන්න එන්නම නරක පැත්තට තමා හැරෙන්නේ.
මූට දාඩිය දාලා නිකන් අමුතුම මෙව්වා එකක්.
කැෆේ එක දැන් මේම මේම පේනවා.
එහෙම තියෙද්දි මේ යකා කියාපි,
මූට දාඩිය දාලා නිකන් අමුතුම මෙව්වා එකක්.
කැෆේ එක දැන් මේම මේම පේනවා.
එහෙම තියෙද්දි මේ යකා කියාපි,
'ලෑතෝ මට බොකක් සෙට්වෙලා බන්'
(ලෑතා කියලා කිව්වට සම්පූර්ණ නම නම් අහන්න එපා,ඇකඩමි අවෝඩ් හම්බුන නාට්‍යයක රඟපාලා මට වැටුණ කාඩ් එකක් කාලයත් එක්ක ශෝට් ෆෝම් එකට ඇවිල්ලා ඒ කාලේ මට අපේ උන් කිව්වේ ලෑතා කියලා)
හරිනේ කෙලියා තාප්පෙට.
දැන් කොහෙද මේ හදිස්සියේ රෙන්ට තැනක්?
දැන් කොහෙද මේ හදිස්සියේ රෙන්ට තැනක්?
'අනේ මේ විකාර කරන්න එපා ගොනා,
මෙච්චර ගේමක් දීලා එළියට ආවේ මරදානේ බොක දාන්න නෙවේනේ.
අල්ලන් හිටහන් පැයයිනේ'
මෙච්චර ගේමක් දීලා එළියට ආවේ මරදානේ බොක දාන්න නෙවේනේ.
අල්ලන් හිටහන් පැයයිනේ'
අධ්‍යාපනයට වඩාත් නැඹුරු මම එහෙම කිව්වා.
ඔය වචන අස්සෙන් කුණුහබ්බ දෙක තුනකුත් කිව්වා.
ඔය වචන අස්සෙන් කුණුහබ්බ දෙක තුනකුත් කිව්වා.
ඒවා ඉතින් මේකේ ලියන්න බෑනේ.
'අනේ බෑ බෑ බෑ, මට බෑ ඕයි.දැන් යයි වගේ'
දාඩිය පොල්ල දාගෙන හිටපු ගොනා මට ඔරෝලා ඔහොම කිව්වා.
දාඩිය පොල්ල දාගෙන හිටපු ගොනා මට ඔරෝලා ඔහොම කිව්වා.
මූ එහෙම කිව්වට මට ආපහු යන්න හිතෙන්නෙම නෑ,
මට බොක බර නෑනේ.
මුටනේ බර,
රෙවුනත් මොකෝ.
මට එහෙමත් හිතුනා.
හැබැයි ඉතින් කිව්වේ නෑ,
කිව්වනම් මට කෙලින්ම මරදානෙන් බොරැල්ල කනත්තට යන්න වෙන්නේ.
මුටනේ බර,
රෙවුනත් මොකෝ.
මට එහෙමත් හිතුනා.
හැබැයි ඉතින් කිව්වේ නෑ,
කිව්වනම් මට කෙලින්ම මරදානෙන් බොරැල්ල කනත්තට යන්න වෙන්නේ.
'ආපහු යමු ඕයි'
ගොනා කිව්වා.
ගොනා කිව්වා.
ආය හැරිලා ගියොත් ඉතින් ආය අදම නම් එළියට එන්න බෑ.
ඒක මම හොඳටම දන්නවා.
එකක් ගොනා ආය පාරක් මරදානට පයින් එන්නේ නම් නෑ, එකම දවසේ ඒ වගේ ඇවිදින්න ඌට තරම් ඌට අහේනියක් හා එයට අවැසි සරීර සැකැස්මක් තිබ්බෙත් නෑ.
ඒත් වැරදිලාවත් මූට කක්කා ගියොත් එහෙම මොනා කරන්නද ඉතින්?
'තෝ වගේ * කේස් එක්ක මෙහෙව් ගමන් එනවට අපිට ගහන්න ඕන හරක් ** වලින්'
අසූහාරදාට මළ පැනලා හිටපු මම එහෙම කිව්වා.
'අනේ එහෙම කියන්න එපා බන් ඉක්මනට යමං, තේරුං ගනින්කෝ ඇත්තටම අමාරු නිසයි කියන්නේ'
ගොනා කිව්වා.
ගොනා කිව්වා.
මූට අර කාපු දෙල් ඇලජික් වෙලාද කොහෙද?
හෙණම දුක්මුසු මූඩ් එකේ තමා උන්නේ.
හෙණම දුක්මුසු මූඩ් එකේ තමා උන්නේ.
'හරි යමං'
උච්චතම අවස්ථාවට ඇවිල්ලා වගේ තේරුණ නිසා මාත් කිව්වා.
උච්චතම අවස්ථාවට ඇවිල්ලා වගේ තේරුණ නිසා මාත් කිව්වා.
දැන් ඔන්න කලින් ආපු පාරෙම අපි එනකොට ආව වේගෙට වඩා 10 ගුණයක වේගෙන් නැවත හොස්ටල් එක බලා ගමන් කරනවා.
සමහර තැන්වලදි නම් ගොනා දිව්වත් එක්ක.
නිකන් නෙවේ උඩ පැන පැන.
දැන් ඔහොම එනගමන් මගේ ටිකිරි මොළේට අයිඩියා එකක් ආවා.
බලන්න නේද දුවන ගමනුත් මගේ මොළේ වැඩ.
නිකන් නෙවේ උඩ පැන පැන.
දැන් ඔහොම එනගමන් මගේ ටිකිරි මොළේට අයිඩියා එකක් ආවා.
බලන්න නේද දුවන ගමනුත් මගේ මොළේ වැඩ.
හොස්ටල් එකේ ටොයිලට් එකට යන්න ගියොත් දුරයි.
ප්‍රයිමරියේ තියෙන ටොයිලට් එකට යන්න පුළුවන්.
ඕන් ඕක තමා අයිඩියා එක.
ගොනාත් හිස්මුදුනින්ම අයිඩියා එක පිලිගත්තා.
විනාඩි 10න් අපි ප්‍රයිමරියේ ගේට් එක ගාවට ආවා.
ප්‍රයිමරියේ තියෙන ටොයිලට් එකට යන්න පුළුවන්.
ඕන් ඕක තමා අයිඩියා එක.
ගොනාත් හිස්මුදුනින්ම අයිඩියා එක පිලිගත්තා.
විනාඩි 10න් අපි ප්‍රයිමරියේ ගේට් එක ගාවට ආවා.
'හරි, පොඩි උන්ගේ ටොයිලට් එකට යමන්'
ගොනා පෙරමුණ ගත්තා.
මාත් පස්සෙන් යනවා තොප්පි ගොනා වගේ.
ගොනා පෙරමුණ ගත්තා.
මාත් පස්සෙන් යනවා තොප්පි ගොනා වගේ.
අම්මෝ මෙන්න කක්කුස්සිය තියෙනවා,
බැබලි බැබලි.
බැබලි බැබලි.
ඒ වෙලාවේ නම් ගොනාට ඒක පේන්න ඇත්තේ සහනසේවා සපයන ගමේ සමුපකාරේ වගේ.
දොර ඇරියා.
හැබැයි ඒ කාලේ අපේ පුරුද්දක් තිබ්බා වැඩේ කරන්න කලින් ටැප් එක ඇරලා බලනවා.
ඒ තරම් ශුවර්නේ.
ඒ තරම් ශුවර්නේ.
දෙයියෝ සාක්කි!
වතුර නෑ ඕයි!
වතුර නෑ ඕයි!
ගොනා කන්න වගේ මං දිහා බලලා ආයෙත් හොස්ටල් එක පැත්තට දිව්වා.
මාත් පස්සෙන් දිව්වා.
මාත් පස්සෙන් දිව්වා.
මූට මේ හරියෙදි කක්කා ගියොත් මට අනිවාර්‍යෙන්ම දවල්ට කාපුවට අමතරව ආපහු මුගෙන් දෙල් පාරවල් කන්න වෙනවනේ.
අනේ ඉතින් ඔහොම දුවලා දුවලා හොස්ටල් එක කෙරවලේ ටොයිලට් එකටම මූ ගියා.
ගියපු විදියත් මූ වැඩේ ඉවරකරලා ඇවිල්ලා මට කිව්වා.
ඒක නම් ලියන්න මගේ අදහසක් නෑ!
ගියපු විදියත් මූ වැඩේ ඉවරකරලා ඇවිල්ලා මට කිව්වා.
ඒක නම් ලියන්න මගේ අදහසක් නෑ!
හැබැයි එකක් උනා,
එදායින් පස්සේ ඌයි මායි එකට කැෆේ නම් ගියේ නෑ!
එදායින් පස්සේ ඌයි මායි එකට කැෆේ නම් ගියේ නෑ!
නැවත හමුවෙන තුරු ඔබට ජය!
- හේලිත හෙට්ටිආරච්චි -